ජනාදිපති මයිත්‍රිපාල සිරිසේන මහතාගේ දින 100යේ වැඩ පිලිවෙල ඒ ආකාරයෙන්ම පොරොන්දු වූ පරිදි ඉටු කරනවා දැයි විමසිලිමත්ව බලා සිටින පොදු මහජනතාවගේ වෙබ් අඩවියයි. ඔහු එය ඉටු කරන තුරු ඔහු වෙනුවෙන් සිය පරමාදිපත්‍ය බලය වන ඡන්ද අයිතිය බාවිතා කල පොදු මහජනතාව විමසිල්ලෙන්.

Progress

January February March April
10 11 12 19 20 21 28 29 30 02 04 05 06 18 19 20 02 17 18 19 20 23 20 23

දින 100 වැඩපිලිවෙල

2015 ජනවාරි



නව ජනාදිපතිතුමා දිවුරුම් දීම 


නව ජනාදිපති හා අගමැති 2015-01-09 දින ප.ව. 6.30 ට පමන නිදහස් චතුරස්‍රයේදී දිවුරුම් දෙන ලදි  එදින වීඩියෝ පටය මෙතනින්



පාර්ලිමේන්තුවේ විපක්ශනායකවරයා අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඇතුලත්වන පරිදි පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් දේශපාලන පක්ශවල මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සර්වපාක්ශික කැබිනට් මන්ඩලයක් පත් කිරීම.


අද දින ජනාදිපතිතුමා රිය පෙරහැරකින් නිදහස් චතුරස්‍රයේ සිට මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදගෙන දළදා මැදුර ඉදිරිපිටදී ජාතිය ඇමතීම සිදු කලේය. ඒ අතර එතුමා D.S. සේනානායක පිලිරුව හා බන්ඩාරනායක සමාදියට පුශ්ප උපහාර පැවැත්වීය. 
එතුමා කල කථාව මෙතනින්


නව ඇමති මන්ඩලය 2015-01-12 දින ප.ව. 6.30 ට පමන දිවුරුම් දෙන ලදි එය කැබිනට් ඇමතිවරු 27ක් රාජ්‍ය ඇමතිවරු 10ක් හා නියෝජ්‍ය ඇමතිවරු 9 කින් සමන්විතයි. 
නව අමාත්‍ය මන්ඩල මෙතනින්



ශ්‍රී ල‍කාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්තාපිත කිරීම වෙනුවෙන් යෝජිත ව්‍යවස්ථා ප්‍රතිස‍oස්කරනය සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ශ හා අනෙකුත් පුරවැසි සoවිධානවල නියෝජනත්වයෙන් යුතු ජාතික උපදේශක සබාව පත් කිරීම. 


අද දින ජනපතිතුමා නව ඇමතිමන්ඩලය පත් කලේය.

ජාතික උපදේශන සභාව 2015-01-15 දින රැස්වුන අතර එය නි.ප. සභාපති මයිත්‍රීපාල සිරිසේන, එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිoහ, ජා.හෙ.උ. නායක පාටලී චම්පික, ජේ.වී.පී. නායක අනුර කුමාර, ප්‍ර.ප. නායක සරත් ෆොන්සේකා, ල.මු.ක්‍රො. නායක රිශාඩ් බදුර්දීන් සහභාගි විය. [Ref]

පාර්ලිමේන්තුව කැදවීම

අද දින පාර්ලිමේන්තුව රැස් වූයේ නැත

2015-01-20 වන දින පර්ලිමේන්තුව රැස්විය. [Ref]





ස්ථාවර නියෝග සoශෝදනය කොට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ඇතුලත්ව තිබෙන පා 67/10 අoක දරන යෝජනාවේ සදහන් පරිදි අදීක්ශන කාරක සබා සදහා සර්වපාක්ශික කැබිනට් මන්ඩලය නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීම හා පක්ශ නායකයින්ගේ එකගතාවය ඇතිව සෑම පක්ශයක්ම නියෝජනය වන පරිදි ඒවායෙහි සබාපතිවරුන් පත්කිරීමට පියවර ගැනීම.

සිදු නොකරන ලදි
‍‍‍


දැනට පවතින අත්තනෝමතික විධායක ජනාදිපතික්‍ර මය වෙනුවට කැබිනට් මන්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ද වූ විදායකයක් සහිත ආන්ඩු ක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම හා 18 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සoශෝධනය අහෝසි කරමින් ස්වාධීන අධිකරන කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍යසේවා කොමිසම ස්වාධීන මැතිවරන කොමිසම, ස්වාධීන අල්ලස් හා දූශන විමර්ශන කොමිසම හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුලත් 19 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා  සoශෝදන කෙටුම්පතක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ව්‍යවස්ථා සoශෝධන ක්‍රියාවලිය ආරම්බ කර හැකි ඉක්මනින් සම්මත කිරීමට පියවර ගැනීම.

එය ඉදිරිපත් කිරීමට අද දින පාර්ලිමේන්තුව රැස් වූයේ නැත. නැවත පාර්ලිමේන්තුව රැස්වන්නේ ජනවාරි 29 හා 30 දිනයන්හිදීය.  [Ref 1] [Ref 2] 


2015.02.05 වනවිට ජවිපේ නායකයා පැවසුවේ මෙම 19 වන ස‍ශෝධනය සකස්කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවත් ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්ය

2015.02.18 දින අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කෙරිනි.

19 වන සංශෝදනය 2015-03-24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. පනත මෙතනින්

19 වන ව්‍යවස්තා සංශෝදනය පක්ශව චන්ද 215ක් විපක්ශව එක් චන්දයක් චන්දය නොදීම් 1ක් හා නොපැමිනි 7ක් වශයෙන් 2015-04-28 දින පාර්ලිමේන්තුවේ සම්මත විය


මනාප ඡන්ද ක්‍රමය සහමුලින්ම අහෝසි කොට සෑම මැතිවරන කොට්ටාශයකටම මන්ත්‍රීවරයකු ලැබෙන පරිදි මන්ත්‍රී ආසන ක්‍රමය හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත නව මැතිවරන ක්‍රමය සදහා යෝජනා ඉදිරිපත් කිරීම පිළිබද සර්වපාක්ශික කමිටුව පත් කිරීම

මීට අදාල 20වන ව්‍යවස්තා සංශෝදනය කෙටුම්පත් කර ඇති මුත් 24.04.2015 දින වන විටවත් සම්මත වීමක් දක්නට නැත

‍‍‍

කඩිනම් සහන ලබාදී ජන ජීවිතය යලි නගා සිටුවීම සදහා විශේශ පියවර ඇතුලත් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

නව රජයේ අතුරු අය වැය අද දින ඉදිරිපත් කරන ලදි. එහි බදු අඩු කර කඩිනම් සහන ලබා දී ඇත. එහිදි කරන ලද යෝජනා මෙතනින්.

අතුරු අය වැය 2015-02-07 දින වැඩි ඡන්ද 164 කින් සම්මත විය[Ref]


අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන් රාශියක සෘජු හා වක්‍ර බදු අඩු කිරීම හා වැටුප් වැඩි කිරීම

අත්‍යවශ්‍ය භාන්ඩ කීපයක බදු අඩු කර රාජ්‍යසේවක වැටුප් වැඩි කිරීමට අදාල අය වැය 2015.02.29 දින ඉදිරිපත් කල අතර මේ වන විට වෙලදපොලේ භාන්ඩ කීපයක මිල ගනන් අඩු වී ඇත.

2015 පෙබරවාරි
සියළුම මහජන නියෝජිතයන් විසින් පිලිපැදිය යුතු චර්යා ධර්ම සoග්‍රහයක් නීතිගත කිරීම

මෙම චර්යා ධර්ම පද්දතිය සකස් කිරීම අනුර කුමාර දිසානායක මහතාට පවරා ඇති  [Ref] අතර එය ඉටු වූ බවක් තවම දක්නට නොලැබේ.
‍‍‍
ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය හා ජනතා පරමාධිපත්‍ය යලි පිහිටුවන ලද නව ශ්‍රී ලංකාවේ නිදහස් දිනය

ශ්‍රී ලංකාවේ නිදහස් දින ප්‍රදාන උලෙල අද දින පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පැවැත්විය.

පසුගිය කාලයේ සිදුවී ඇති මහා පරිමාන දූශන සොයා බැලීම සදහා විශේෂ විනිශ්චය සබා පත් කිරීම

2015-01-22 දින මෙම විනිශ්චය සභාව අගමැත් ඉරනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පත් කරන ලදි. මෙම කොමිසම මංගල සමරවීර, පාටලී චම්පික, රාවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, M.A. සුමන්තිරන්, සරත් ෆොන්සේකා, ජයම්පති වික්‍රමරත්න, J.C. වැලිඅමුන, මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.[Ref ]

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කැබිනට් මන්ඩලයෙන් අනුමත කොට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය 2015-02-15 දින කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කර ඇති අතර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවටත් ශේෂ්ටාධිකරනයටත් ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. අද දින ඉදිරිපත් නොකරන ලදි. [Ref ]


ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත් කෙටුම්පත 2015-03-03 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දෙවැනි වර විවාදය 2015-03-04 දින සිදු කරන ලදි [Ref ]


ස්වාදීන කොමිෂන් සබා ස්ථාපිත කිරීම හා ඊට අදාල පත්වීම් සිදු කිරීම

2015-01-21 දිනයේද මේ පිලිබදව ක්‍රියා කරනවා යැයි දින 100 ප්‍රකාශය තුල අඩංගු උවද තවම කිසිවක් සිදුව නොමැත. සියල්ල මන්දගාමී වී ඇත.

‍‍‍


ජාතික විගනන පනත ඉදිරිපත් කිරීම

අද දිනපාර්ලිමේන්තුව රැස් වුවද විගනන පනත ඉදිරිපත් නොකිරුනි.

23.04.2015 දින මෙයට කැබිනට් අනිමැතිය ලැබුනි.


තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කිරීම

මෙය හැකි ඉක්මනින් ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිලිබද ලේකම් පවසයි. [Ref ]

23.04.2015 දින මෙයට කැබිනට් අනිමැතිය ලැබුනි.

2015 මාර්තු
නව මැතිවරන ක්‍රමය පිලිබදව කමිටු යෝජනා ලබාගෙන ඒ අනුව අදාල නීති රීති සකස් කිරීම

කමිටු යෝජනා ඉදිරිපත් කිරීමට 2015-02-28 දින සාදනවයි කියූ සර්වපාක්ශික කමිටුව මෙතෙක් සාදා නැත

නව මැතිවරන ක්‍රමය ඇතුලත් සoශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට හැකිතාක් ඉක්මනින් සම්මත කිරීම

මෙය සම්මත කිරීමට තබා සංශෝධනයක් මෙතෙ සකස් කරවත් නොමැත. ජනවාරි 28, මාර්තු 02 හා මාර්තු 17 මේ පිළිබදව සිදු කල යුතු කාර්යන් කිසිවක් මෙතෙක් සිදු වී නොමැත.


ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සම්මත කිරීම

2015-03-04 දින සම්මත කරන ලදි



ජාතික විගනන පනත සම්මත කිරීම

23.04.2015 දින මෙයට කැබිනට් අනිමැතිය ලැබුනි.


තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම

2015-04-23 න් පසු පිහිටවිය යුතු ජාතික ආන්ඩුව පිහිටුවා නව ඇමති මන්ඩලයක් නිදහස් පක්ශයෙන් පත් කලේය. නව ඇමති මන්ඩලය

23.04.2015 දින මෙයට කැබිනට් අනිමැතිය ලැබුනි.


ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සබාව පිහිටුවා ස්වාදීන කොමොෂන් සබා ඇතුලු වෙනත් පත්වීම් සිදුකිරීමේ ක්‍රියාවලිය ආරම්බ කිරීම

2015 අප්‍රේල්

අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මන්ඩලය හරහා පාර්ලිමේන්තුවට සම්බන්ධ වූ විධායකයක් සහිත ආන්ඩුක්‍රම ව්‍යුහයක් ක්‍රියාත්මක වීම

19වන ව්‍යවස්තා සංශෝදනය 28 හා 29 දිනයන්හි සම්මත කරන බව පවසයි. අද දින එය සම්මත කිරීමට තිබුනද සිදු නොවුනි.

19 වන ව්‍යවස්තා සංශෝදනය පක්ශව චන්ද 215ක් විපක්ශව එක් චන්දයක් චන්දය නොදීම් 1ක් හා නොපැමිනි 7ක් වශයෙන් 2015-04-28 දින පාර්ලිමේන්තුවේ සම්මත විය




23 වන බ්‍රහස්පතින්දා ඉකුත් වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර බාරකාර රජයක් යටතේ නිදහස් හා සාධාරන මැතිවරනයක් පැවැත්වීමට කටයුතු කිරීම.

එම මැතිවරනයෙන් වැඩිම ආසන ප්‍රමානයක් ලබාගන්නා පක්ශයට අග්‍රාමාත්‍ය ධූරයත් ඊළග පක්ශයට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරයත්  ලබාදීම

පාර්ලිමේන්තුවේ සියළුම පක්ෂ නියෝජනය වන පරිදි කැබිනට් මන්ඩලයකින් සමන්විත සර්ව පාක්ෂික ආන්ඩුවක් පිහිටවීම

එම සර්වපාක්ෂික ආන්ඩුව යටතේ රටේ ප්‍ර ධාන අබියෝගවලට මුහුන දීම සදහා ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කොට ඒ අනුව ක්‍රියා කරන නව දේශපාලන සoස්කෘතියක් බිහි කිරීම